l ව්‍යාපාරික වාර්තාකරු
විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සඳහා ඉදිරි දිනවල සැලසුම් කර තිබූ ගුවන් ගමන් කාල සටහන් තාවකාලිකව අත්හිටුවා එම කාලසටහන් සංශෝධනයට රජය තීරණය කර තිබේ.
ඊට හේතුව මිනුවන්ගොඩ කොරෝනා පොකුර නිසා මෙරට නිරෝධායන මධ්‍යස්ථාන පිරී ඉතිරී යාමය. දැනට තිබෙන පහසුකම් අනුව නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ ඇත්තේ 8000කට ආසන්න පිරිසකට පමණි. කොරෝනා රෝගීන්ට වෙන්කළ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව 1200කි. දැන් එම සංඛ්‍යාවත් ආසන්නයට පිරී ගොසිණි.
එම නිසා නව නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් ඇඳන් සූදානම් කළ යුතු බැවින් එම පහසුකම් සංවිධානය කෙරෙනතුරු ගුවන් ගමන් කල්දමා එම කාලසටහන් සංශෝධනයට පියවර ගෙන ඇතැයි දේශයට වාර්තා වෙයි.