l ආරක්ෂක වාර්තාකරු
රජය විසින් සංවිධානය කර තිබෙන පරීක්ෂණ මධ්‍යස්ථානවල දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 5000ක් පමණ සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ. මෙයට පෙර රජය සතුව තිබූ පී.සී.ආර් පරීක්ෂණ යන්ත්‍රවලින් දිනපතා කළ හැකිවූයේ පරීක්ෂණ 3000ත් 4000ත් අතර ප්‍රමාණයකි.
පරීක්ෂණවල ධාරිතාව ඉහළ නැංවීමෙන් පසු පසුගිය අඟහරුවාදා පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 4800ක් සිදු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කොවිඩ් කාර්ය සාධන බලකායට වාර්තා කර තිබිණි. වෛද්‍ය පර් යේෂණ ආයතනය හා ප්‍රධාන රෝහල් රුසක දැනට මෙම පරීක්ෂණය සඳහා පහසුකම් සලසා ඇත.