
නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධරයන් නඩු මෙහෙයවන ආකාරය අසාධාරණ බව කියමින් (පැවිදි හඬ) සංවිධානයේ නායක හිමිවරුන් නීතිපතිවරයා වෙත කරන ලද පැමිණිල්ල විමර්ශනය කළ නීතිපතිවරයා මේ ගැන පැවිදි හඬ සංවිධානයට ලිඛිතවම පිළිතුරක් ලබාදීමට තීන්දු කර ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධරයන් ආගමික වශයෙන් බෞද්ධයන්ට අසාධාරණයක් වන ආකාරයට ක්‍රියාකරන බවටද චෝදනා කළ උන්වහන්සේලා ජාතික නායකයන් සම්බන්ධව මේ අය ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන්ද නීතිපතිවරයාට පැමිණිලි කළහ. ඒ සඳහා පැවිදි හඬ නායක හිමිවරැ නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා මුණගැසීමට ගියහ.
I අධිකරණ වාර්තාකරු