දේශපාලන වාර්තාකරු l
ලබන 20 සහ 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මැතිසබයට ඉදිරිපත් කළ විට ඒ සඳහා දින හතරක විවාදයක් විපක්ෂයට ලබාදෙන්නැයි දෙමළ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පක්ෂ නායක හමුවේදී ඉල්ලීමක් කර තිබේ.
එහෙත් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඔහුට පිළිතුරු ලෙස දැනුම් දී ඇත්තේ විවාදය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කළ බවය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සඳහා ද යහපාලන රජය ලබාදුන්නේ දෙදින විවාදයක් බැවින් 20 වැනි සංශෝධනය සඳහාත් දෙදින විවාදයක් ප්‍රමාණවත් යැයි සභානායකවරයා දැනුම් දී ඇත. එහෙත් ඊට පෙර මෙම සංශෝධනයට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිය යුතුය. ව්‍යවස්ථානුකූලව ලබන අඟහරුවාදාට පෙර එය කතානායකවරයාට සහ ජනාධිපතිවරයාට යොමුකළ යුතුය.