දේශපාලන වාර්තාකරු l
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ගෙනැවිත් ඇති සංශෝධන අනුව ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය විගණනයට අවශ්‍ය නීතිමය විධිවිධාන සැලසෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුලින් ඉදිරිපත් කළ සංශෝධනයේ එම විධිවිධානය අඩංගු නොවීය. ඒ සම්බන්ධව බොහෝ දෙනා ප්‍රශ්න කර තිබුණි. 20 වැනි සංශෝධනය සම්බන්ධ නඩු විභාගයේදි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණේ ඊට අදාළ සංශෝධන 52ක් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී මැතිසබයට ඉදිරිපත් කරන බවය. ඊට අදාළ ලේඛනයක්ද ඔහු අධිකරණයට ඉදිරිපත් කළේය.
එම සංශෝධන අතර ජනපති කාර්යාලය සහ අගමැති කාර්යාලය විගණනයට අවසර ලැබෙන සංශෝධනයද ඇතුළත් වන බව වාර්තා වෙයි.