2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා

ස්වාධීන කොමිෂන් 3ක් කල් ඉකුත් වෙයි

 2020 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 34

හසිත් අංජන l

දැනට ක්‍රියාත්මක ස්වාධීන කොමිෂන් සභා තුනක නිල කාලය ඉදිරි සති කිහිපය තුළ හමාර වීමට නියමිතය.

මුලින්ම නිල කාලය අවසන් වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමය. එම කොමිසමේ නිල කාලය ඔක්තෝබර් මස 20 වැනි දින හමාර වීමට නියමිතය.  තවත් ස්වාධීන කොමිසමක් ලෙස සැලකෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිල කාලය අවසන් වන්නේ මෙම මස 31 වැනිදාය. 

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය ලබන නොවැම්බර් මස 16 වැනිදා හමාර වනු ඇත. 

2015 වසරේ ඇතිකරන ලද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව මෙම කොමිෂන් සභා පත් කෙරිණි. වත්මන් රජය දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ වහාම මෙකී කොමිෂන් සභාවල නව සාමාජිකයන් පත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01