ජේ.ඒ.එල්. ජයසිංහ l
මහනුවර හන්තාන පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීම් සිදුකිරීමේදී භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් අදාළ ඉදිකිරීම් පිළිබඳව වාර්තාවක් කැඳවිය යුතු බවට මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කච්චේරියේ පැවති හන්තාන කළමනාකරණ කමිටුව මගින් තීරණය කර තිබේ.
මධ්‍යම පළාත්, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ කෝසල වැලිකන්නගේ මහතා විසින් මේ සම්බන්ධව යෝජනාව කමිටුවට ඉදිරිපත් කළ අතර එහිදී කමිටුව එකී යෝජනාව ඒකමතිකව සම්මත කරගනු ලැබීය.
පසුගිය 20 වැනි ඉරිදා අලුයම මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ සිදුවූ පස්මහල් හෝටල් ගෙඩනැගිල්ල තවත් ගොඩනැගිල්ලක් මතට කඩා වැටී සිදුවූ ජීවිත හානියද කමිටුවේ අවධානයට යොමු කෙරිණි.
හන්තාන පාරිසරික සංවේදී කලාපයේ ඉදිකිරීම් සිදු කිරීමේදී කෙරෙන සියලු ඉදිකිරීම් මෙතෙක් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලබාගන්නේ ලද්දේ භූමි ස්ථායිතාව පිළිබඳව වාර්තාවක් පමණක් බැවින් මහනුවර බූවැලිකඩ ඇතිවූ සිද්ධිය වැනි සිදුවීම් වළක්වා ගැනීමට නම් එම වාර්තාවෙන් පමණක් සෑහීමකට පත්වීම නුසුදුසු බවද මෙහිදී කමිටුව තීරණය කර තිබේ.