2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

20 හදනකොට මුස්ලිම් ජනතාවගේ මතය විමසුවේ නෑ - ශ්‍රී.ල.මු.කො. මහ ලේකම්

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45

හසිත් අංජන l

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේදී රටේ ප්‍රධාන ජන වර්ගයක් වන මුස්ලිම්වරුන් නියෝජනය කරන තම පක්ෂයේ මතය විමසීමක් සිදු නොකළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් නිශාම් කාරියප්පර් මහතා දේශයට කීය.

එසේම දැන් සකස් කර තිබෙන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බොහෝ කරුණුවලට තම පක්ෂයට එකඟ වීමට හැකියාවක් නොමැති බවද හෙතෙම පැවසීය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හෙට (28) අධිකරණයට යාමට බලාපොරොත්තු වන බවද කාරියප්පර් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.