ව්‍යාපාරික වාර්තාකරු l
වෙළෙඳ පොළේ දැනට මතුව තිබෙන සහල් මිල ඉහළ යාමේ අර්බුදය විසඳීම සඳහා සහල් මිලට ගැනීමට රුපියල් කෝටි 230ක මුදලක් වෙළෙඳ අමාත්‍යංශයට ලබාදීමට රජය තීන්දු කර ඇත.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව දැනමටත් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබේ. මෙම මුදල වාණිජ බැංකු ණයක් ලෙස අමාත්‍යංශය ලබා ගැනීමට අදහස් කරන අතර ඒ සඳහා මහා භාණ්ඩාගාර ගරන්ටියක් ලබාදීමට නියමිත බවත් වාර්තා වෙයි.
මෙරට මහා පරිමාණ සහල් වෙළෙඳුන් දෙතුන් දෙනෙක් හිතුමතේ සහල් මිල ගණන් ඉහළ දැමීම පාලනයට ආරක්ෂිත තොග පවත්වාගෙන යාමට මෙම අරමුදල් වැයකර සහල් මිලට ගැනීමට යයි. දේශීය හා විදේශීය ගැනුම්කරුවන්ගෙන් මෙම සහල් තොග මිලට ගැනීම වෙළෙඳ අමාත්‍යංශයේ සැලසුම බවද වාර්තා වෙයි.