2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

සජබෙන් අලුත් සමගි සන්ධානයක් - සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

දේශපාලන වාර්තාකරු l

සමගි ජනබලවේගයේ හවුල්කාර පක්ෂ සියල්ල එක්කොට සමගි සන්ධානය නමින් අලුත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කරන බව සමගි ජනබලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

එය පාලනය කරනු ලබන්නේ නායකත්ව මණ්ඩලයක් මගිනි. එහෙත් නව සන්ධානයේ නායකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සිහළ උරුමය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ මෙහි ප්‍රධාන සාමාජික පක්ෂ වෙයි. අවශ්‍ය නම් එ.ජා.ප.යටත් මෙහි සාමාජිකත්වය ලබාගත හැකි යැයි ඔහු අවධාරණය කළේය. ඉතා ඉක්මනි න් නව දේශපාලන සන්ධානය ස්ථාපිත කළද සමගි ජනබලවේගය එහි ප්‍රධාන සාමාජික පක්ෂය ලෙස වෙනම පවත්වාගෙන යෑමට නියමිතය.