2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා

පාතාලේ දේපළ රජයේ වැඩට

 2020 සැප්තැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

ගයාන් ගාල්ලගේ l

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් උපයා ඇති දේපල  රජයේ ව්‍යාපෘති සඳහා යොදාගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එම මුදල් යොදවා මිලට ගත් නාගරිකව පිහිටා ඇති ඉඩම් ඇත්නම් එකී ඉඩම් රජයේ ආයතන සඳහා යොදාගැනීමටත් යානවාහන ඇත්නම් ඒවා රජයේ ආයතනවල ප්‍රයෝජනය සඳහා ලබාදීමටත් තීරණය කර තිබේ.

විශේෂයෙන් භාවිතයට ගත හැකි ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි ඉදිරියේදී රජයේ ආයතන වෙත ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇතැයි සඳහන් වේ.

කෙසේවෙතත් ඊට අදාළව යම් නීතිමය ගැටලුවක් ඇත්නම් ඒවා නිරවුල් කර එම නීතිවිරෝධී දේපල ජනතා සේවය සඳහා කැපකිරීමට රජයේ අවධානය යොමු වී ඇත.