දේශපාලන වාර්තාකරු l
පසුගිය රජය විසින් ක්‍රියාත්මක කළ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා ක්‍රමය ඉදිරියේදී අහෝසි කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. ඒ වෙනුවට නැවතත් උපදේශක කාරක සභා ක්‍රමය හඳුන්වා දෙනු ඇති බවද වාර්තා වෙයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ මුල් කාලයේ සිටම ඒ ඒ අමාත්‍යංශවලට අදාළව පාර්ලිමේන්තු උපදේශක කාරක සභා ක්‍රියාත්මක විය. එහෙත් යහපාලන රජය ඒවා අහෝසි කර ආංශික කාරක සභා නම් කාරක සභා 16ක් හඳුන්වා දෙනු ලැබීය. අමාත්‍යංශ කිහිපයක් එක් ආංශික කාරක සභාවකට යටත්කොට ආංශික කාරක සභා 16ක් ස්ථාපිත කර තිබිණි. එහෙත් නව රජය එම ක්‍රමය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 111 සහ ස්ථාවර නියෝග අංක 112 තාවකාලිකව අත්හිටුවීමටද තීන්දු කළේය. එම නිසා ඉදිරියේදී මැතිසබා ආංශික කාරක සභා සඳහා සාමාජිකයන් පත්කිරීමක් සිදු නොවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.