I විශේෂ වාර්තාකරු
කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යංශ 26 ක විෂයන්, ආයතන සහ නාමයන්වල වෙනස්කම් කීපයක් සිදුකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ඇතැම් කැබිනට් අමාත්‍යංශවල ඇති විෂයන් රාජ්‍ය අමාත්‍යංශවලට පැවරීමටත්, රාජ්‍ය අමාත්‍යංශ අතර ආයතන මාරු කිරීමත්, එසේම ඇතැම් රාජ්‍ය අමාත්‍යංශවලට අලුත් නාමයන් හඳුන්වා දීටමත් තීරණය කර ඇත.
මෙම වෙනස්කම් සහිත ගැසට් පත්‍රය එළඹෙන සතියේ නිකුත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. මෙම වෙනස් කිරීම් සුළු වෙනස් කිරීම් කිහිපයක් බවද සඳහන් වේ.