ගයාන් ගාල්ලගේ l
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලුදෙනාම කොන්දේසි විරහිතව සහයෝගය ලබාදීමේ වගකීමක් ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දේශයට පැවසීය.
19 අහෝසි කිරීම වෙනුවෙන් ලක්ෂ 68කට අධික ජනතාවක් තම ඡන්දය ප්‍රකාශ කළ බවත්, ඒ විශ්වාසය රැකීම ආණ්ඩු පක්ෂයේ සියල්ලගේ වගකීම බවත් හෙතෙම කීය. යම් යම් අඩුපාඩු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳාගැනීම හැමදෙනාගේම අරමුණ වියයුතු බවද ඇමතිවරයා කීය.
විශේෂයෙන් 20 වැනි ව්‍යවස්ථාව සංශෝධනය ආණ්ඩු පක්ෂයේ සියලුදෙනා සේම විරුද්ධ පක්ෂයේ අයගේද සහයෝගය ඇතිව සම්මත වීම සියලුදෙනාටම බලාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.