2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

උතුරේ පක්ෂ එක කොඩියක් යටට ගන්න සාකච්ඡා

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 30

I දේශපාලන වාර්තාකරු

උතුරේ දේශපාලන කටයුතු කරන සියලුම දේශපාලන පක්ෂ එක් සංවිධානයක් යටතට ගෙන ඒමට පළාතේ බුද්ධිමතුන් හා සරසවි ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.

දැනටමත් එම මැදිහත්කාර පාර්ශ්වය දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්පන්දන් හා සෙසු පක්ෂ නායකයන් වන සී.වී. විග්නේෂ්වරන්, ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  ඇතුළු පිරිසක් සමඟ මේ ගැන සාකච්ඡා පවත්වා ඇත. 

එහෙත් ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පමණක් සන්ධානයට එක්වීමට අකමැත්ත පළකරන ලද බව සඳහන්ය. සෙසු පක්ෂ නායකයන් සමඟ මේ සංවිධානය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා බව එහි කැඳවුම්කරුවෝ පවසති.