කුසුම්සිරි විජයවර්ධන l
පුත්තලම ආනවිලුන්දාව (රැම්සා) තෙත්බිම ව්‍යාපාරික කටයුත්තකට කිසිදු ව්‍යාපාරිකයකුට රජය මගින් බදු දී නැතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.සී.ජී. සූරියබණ්ඩාර මහතා දේශයට පැවසීය. පසුගියදා ඉස්සන් කොටු ව්‍යාපෘතියක් සඳහා ආනවිලුන්දාව (රැම්සා) තෙත්බිම ව්‍යාපාරිකයකු විසින් ඩෝසර් කිරීම සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම ප්‍රකාශය කළේය.
ආනවිලුන්දාව රැම්සා තෙත්බිම අභයභූමියක් බවට ප්‍රකාශ කිරීමට පෙර පසුගිය රජය සමයේ යම් ව්‍යාපාරිකයකුට ඉස්සන් කොටු පවත්වාගෙන යාම සඳහා බදු දී තිබිණි. එහෙත් අභයභූමියක් බවට ප්‍රකාශ කළ පසු එය කිසිවකුට බදු දී නැත. එසේම මෙවර එම තෙත්බිම ඩෝසර් කොට අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා මුලින් ඉඩම බදු දී තිබූ බදුකරුවා නොවන බවද වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.