I ගයාන් ගාල්ලගේ
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්කිරීම වෙනුවෙන් පැවති සාකච්ඡා එම පක්ෂ දෙකේම කණ්ඩායම්වල විරෝධය මැද නවතා දැමීමට තීරණය කර තිබේ.
මෙම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගය පාර්ෂවයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සම්බන්ධ වූ අතර ඔහු පසුගිය සතියේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසූරිය මහතා හමුවී තිබිණි. එහෙත් එජාපයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විරෝධය දැක්වීම හේතුවෙන් මෙම සාකච්ඡා නවතා දැමීමට තීරණය කළ බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
මේ සම්බන්ධයෙන් අප තිස්ස අත්තනායක මහතාගෙන් කරුණු විමසූ විට ඒ මහතා සඳහන් කර සිටියේ කිසිවක් කිව නොහැකි බවය.