2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා

අලුත් පක්ෂ 112කට දෙවැනි ඉන්ටර්වීව්

 2020 සැප්තැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 20

I හසිත් අංජන

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ දේශපාලන පක්ෂ 156න් දේශපාලන පක්ෂ 112ක දෙවැනි අදියරේ සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදුකරමින් පවතින බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් රත්නායක මහතා දේශයට කීය.

මූලික සුදුසුකම් සපුරා නොමැති අයදුම් පත්‍ර 44ක් පළමු අදියරේදී ප්‍රතික්ෂේප කර ඇත. 

සම්මුඛ පරීක්ෂණ කටයුතු අවසන් වූ වහාම එයින් තෝරාගන්නා අයදුම්පත් ඉදිරිපත් කර පිළිගත් දේශපාලන පක්ෂ ලෙස ප්‍රකාශයට පත් කරන බවද සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.