දේශපාලන වාර්තාකරු l
රජයේ උසස් තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් පත්කිරීම සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව නමින් නව ආයතනයක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉදිරිපත් කර තිබේ. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මුල්වරට හඳුන්වාදෙනු ලැබීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක වූ ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වය දැරූ රාජ්‍ය නොවන සංවිධාන සාමාජිකයන්ට එම තනතුරු සඳහා පත්වීමට තිබූ අවකාශය නව සංශෝධනය මගින් අහිමි කර තිබීම විශේෂයකි. ඒ අනුව දැන් ක්‍රියාත්මක වන්නේ 18 වැනි සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් ස්ථාපිත කළ නීතියයි.
පසුගිය කාලයේ ව්‍යවස්ථා සභාව මගින් සිදුකළ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහ ඉහළ අධිකරණ නිලධාරීන්ගේ පත්කිරීම් ගැන බරපතළ විවේචන එල්ල වී තිබිණි.
මෙම ප්‍රධාන වෙනස්කම හැරෙන්නට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතව තිබූ ප්‍රධාන වගන්ති 4ක් 20 වැනි සංශෝධනය මගින් ද පිළිගෙන ඇත. ඒ අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5කි. ජනාධිපති ධූරය දැරිය හැකි වාර ගණන 2කි. පාර්ලිමේන්තුවේ ආයු කාලය වසර 5කි. ඒ සමඟ ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අයිතිය (තොරතුරු දැනගැනීමේ කොමිසම) 20 වැනි සංශෝධනය මගින්ද පිළිගෙන ඇත.
නව සංශෝධනයේ තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මහමැතිවරණයකින් පාර්ලිමේන්තුව පත්වී වසරක් ගතවූ පසුව ජනාධිපතිට එය විසුරැවා හැරීමේ බලය හිමිවෙයි.
ජාතික විගණන කොමිසමද නව ව්‍යවස්ථා සංශෝධනය මගින් අහෝසි කර තිබේ. මෙතෙක් ව්‍යවස්ථා සභාවට හිමිව තිබූ නීතිපති පත්කිරීමේ බලය නව සංශෝධනය මගින් ජනාධිපතිට පවරා ඇත. එසේම නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා වසර 60 සපිරීමේදී විශ්‍රාම ලැබිය යුතු යැයි 19 වැනි සංශෝධනයේ සඳහන් වගන්තිය ද නව සංශෝධනය මගින් ඉවත් කර තිබීම විශේෂ කරුණකි.
20 වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තරග කොට පාර්ලිමේන්තුවට පත්වීමේ බලය හිමිවෙයි. එසේම කැබිනට් මණ්ඩලය 30කට සීමා කර තිබූ වගන්තිය ද අහෝසි කර ඇත. මෙම සංශෝධනය සම්බන්ධව පක්ෂ විපක්ෂ මිශ්‍ර මත රාශියක් මේ වන විට ප්‍රකාශ වී තිබේ.