2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

යූ.එස්.ඒ්ඩි තෑග්ග ගෙවිඳු ප්‍රශ්න කරයි

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 64

හසිත් අංජන I

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මැති ඇමැතිවරුන් සඳහා පැවැති වැඩමුළුවේදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට යූ.එස්. ඒඩ් ආයතනය මගින් ලබාදුන් සමරු තිළිණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකර ඇත.

මන්ත්‍රීවරයා එහිදී පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තුව තුළ සිටින මහජන නියෝජිතයන් එම ආයතනය මගින් යම්කිසි මට්ටමකට අවනත කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරන ලද්දක් බවය. 

මෙම ක්‍රියාමාර්ගය මගින් යටපත් කරන ලද පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය යළි ස්ථාපිත කරන ලෙසත් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ ස්වාධීනත්වයට පෞද්ගලික ව්‍යාපාර මගින් බලපෑම් කිරීමට ඉදිරියේදී අවස්ථාව ලබා නොදෙන ලෙසත් මන්ත්‍රීවරයා මෙම වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරමින් පැවසීය.