2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

තිස්ස-රනිල් හමුවක්

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

I ගයාන් ගාල්ලගේ

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක් කිරීම සඳහා සජිත්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එජාපයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ අලුත් නායකත්වයට නම යෝජනා වී සිටින කරු ජයසූරිය මහතාද හමුවී ඇතැයි සඳහන් වේ.

මෙම සාකච්ඡා දෙක නිල නොවන ආකාරයෙන් පවත්වා ඇති අතර එහෙත් සාධනීය පිළිතුරක් එම සාකච්ඡා දෙකෙන්ම නොලැබුණු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් වැඩි දෙනෙකුගේ ඉල්ලීම නිසාම පක්ෂ දෙක එක් කිරීමේ කාර්ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා විසින් ස්වකැමැත්තෙන් බාරගෙන ඇතැයි දැනගන්නට ඇත.