I දේශපාලන වාර්තාකරු
අවුරුදු පහකට වැඩි කාලයක් තාවකාලික පදනම යටතේ රජයේ සේවය කළ රාජ්‍ය සේවකයන් ස්ථිර සේවයට බඳවාගැනීම සඳහා ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් රාජ්‍ය සේවා අමාත්‍යංශය විසින් කැබිනට්ටුවට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.
මේ අනුව අනියම් හා කොන්ත්‍රාත් පදනම් යටතේ වසර ගණනාවක් සේවය කළ තාවකාලික සේවකයන් රැසකට ස්ථිර රාජ්‍ය සේවයේ තනතුරු හිමිවන බව රජය පවසයි.
කාර්යක්ෂම හා විධිමත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙළ යටතේ නව බඳවාගැනීම් සිදු කෙරෙනු ඇත.