I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
පසුගිය 17 වැනි සඳුදා දිවයින පුරා විදුලිය බිඳ වැටීමෙන් අපේ තේ ආර්ථිකයට දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ අලාභයක් සිදුවිය හැකි බව තේ කර්මාන්තය පිළිබඳ උපදේශකවරයකු හා ලංකා තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා දේශයට පැවසීය.
මෙරට වාර්ෂික තේ නිෂ්පාදනය තේ කිලෝ මිලියන 300ක් පමණ වන අතර ඒ අනුව දිනෙක නිෂ්පාදනය මිලියනයක් පමණ වේ. තේ කිලෝවක අලෙවි අගය රුපියල් 600 පමණ වන හෙයින් දළ වශයෙන් රුපියල් මිලියන 600ක පමණ අලාභයක් සිදුවිය හැකි යැයි විජේවර්ධන මහතා අනුමාන කරයි. විදුලිය නොමැති කමින් තේ කර්මාන්තශාලා ක්‍රියාත්මක නොවුණද එදිනට නියමිත සේවක වැටුප් ගෙවීමට කර්මාන්තශාලා හිමියන්ට සිදුව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.