I දේශපාලන වාර්තාකරු
අගෝස්තු මස 20 වැනි දින විවෘත කිරීමට නියමිතව තිබූ කටුනායක ගුවන් තොටුපොළ සැප්තැම්බර් මස මැද භාගයේදී නැවත විවෘත කිරීම ගැන රජය අවධානයෙන් සිටින බව විදේශ අමාත්‍යංශ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේය.
ඉන්දියාවේ මෙන්ම යුරෝපයේද කොවිඩ් රෝගී තත්ත්වය බරපතළ නිසා ගුවන් තොටුපොළ සාමාන්‍ය මගීන් සඳහා දැන්ම විවෘත කිරීම අනතුරුදායක බව ඔහු වැඩිදුරටත් කීය. පසුගියදා යුරෝපයෙන් පැමිණි ගුවන් යානයක කොරෝනා වැළඳුණු මගීන් පස්දෙනෙක් සිටියහ. දිනපතාම වාගේ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන කොරෝනා රෝගීන් බහුතරය විදේශ රටවලින් පැමිණි අයයි. එබැවින් ගුවන් තොටුපොළ විවෘත කිරීම නැවතත් කල් ගියේය.