ගයාන් ගාල්ලගේ I
9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසියේදී කතානායකවරයාට සුබපැතුම් එක් කරන අවස්ථාවේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් විසින් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදුකළ අන්තවාදී ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට කතානායකවරයාගෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ඉල්ලා තිබේ.
දෙමළ භාෂාව ස්වදේශීය භාෂාව බවත්, ස්වයං පාලනය සම්බන්ධයෙනුත් ඔහු ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයකු ලබාදෙන දිවුරුම් ප්‍රකාශය ද උල්ලංඝනය කර ඇති බව ඔවුහු පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් පසුගිය සිකුරාදා (22) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා නැගිට එම ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසට ද කතානායකවරයාට දන්වනු ලැබීය.