2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

විපක්ෂයේ සුළු පක්ෂවල 3ක් මුලින්ම රජයට

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 42

I දේශපාලන වාර්තාකරු

සුළු ජාතික පක්ෂ තුනක මන්ත්‍රීන් තිදෙනකු මුලින්ම රජය සමඟ එක්වීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි. මොවුන් දැනට විපක්ෂයේ සිටින ජ්‍යෙෂ්ඨයන් බවද කියැවෙයි. ඔවුන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට කැමැත්ත පළකර ඇතැයි ද වාර්තා වෙයි.

අප වෙත ලැබෙන තොරතුරු අනුව මෙයින් එක් අයකු රාජ්‍ය අමාත්‍ය පදවියක් ඉල්ලා ඇතැයි සඳහන්ය. සෙසු දෙදෙනා රජයට කියා ඇත්තේ තමන් නියෝජනය කරන පළාත් සංවර්ධනයට අතහිත දෙන ලෙසය.

රජයට දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් 150ක (2/3) බලයක් හිමිය. එයින් කතානායකවරයා ඉවත් වූ විට මන්ත්‍රීන් ගණන 149කි. මෙම මන්ත්‍රීන් තිදෙනා පළමුවද තවත් කිහිප දෙනකු ව්‍යවස්ථා සංශෝධනයට පෙරාතුවද රජයට එක්කර ගැනීම සැලසුම බව වාර්තා වෙයි.