I දේශපාලන වාර්තාකරු
නව රජයේ කැබිනට් හා සෙසු අමාත්‍ය පදවි ලබා දීමේදී 2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වූ අවස්ථාවේ ඔහු සමඟ දිගටම රැඳී සිටි මන්ත්‍රීන් 51 දෙනාට ප්‍රමුඛතාව ලබාදීමට සිදු වූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
ඒ අනුව රජයේ කැබිනට් හා කැබිනට් නොවන අමාත්‍ය පදවි 66න් 51ක් මේ අය අතර බෙදී ගිය බවද ඔහු වැඩිදුරටත් කීය. ඉතිරි වූ අමාත්‍ය පදවි 15 ප්‍රධාන හවුල්කාර පක්ෂවලටත් සෙසු ජ්‍යෙෂ්ඨයන්ටත් වියත් මඟ සංවිධානය ඇතුළු වෘත්තිකයන් සඳහාත් වෙන්කොට කැබිනට් සංයුතිය සකස් කළ බවද හෙතෙම සඳහන් කළේය.