2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

සතුටු නැති මැති ඇමැතීන්ට ජනපති කතාකරයි

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 322

හසිත් අංජන I

ලැබුණ මැති ඇමැති තනතුරු ගැන අසතුටට පත් අමාත්‍යවරුන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලිකවම දුරකථනයෙන් අමතා ඔවුන්ගේ විෂය කාර්යයන්හි වැදගත්කම අවබෝධ කර දී ඇත. 

දයාසිරි ජයසේකර, ලොහාන් රත්වත්ත, රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඇතුළු කිහිපදෙනකුට ජනාධිපතිවරයා මෙලෙස දුරකථන ඇමතුම් ලබාදුන් බව සඳහන්ය.

විෂය කාර්යයන් නිශ්චිතව දක්වා ඇත්තේ ඒවාට සම්බන්ධ ප්‍රජාවට ද අමාත්‍යංශය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ අරමුණින් බවත් එම අමාත්‍යංශවලින් බොහෝ නිර්මාණාත්මක කාර්යයන් ඉටු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මැති ඇමැතිවරුන්ට දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.