2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

කිසිම ඡන්දෙකට මීට පස්සෙ මම නෑ - ඥානසාර හිමි

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 180

හසිත් අංජන I

ඉදිරියේදී පැවැත්වෙන කිසිදු මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් තමන් වෙත නොමැති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ දේශයට පැවසූහ.

උන්වහන්සේ පැවසුවේ එසේ වුවද සිංහල බෞද්ධ දර්ශනයට හිතැති දේශපාලන ව්‍යාපාරයක නිරත වන ඕනෑම අයකුට තම සහාය ලබාදීමට සූදානම් බවයි.

මෙවර තමන් වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි නොවුණද නිරතුරුවම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.