2020 අගෝස්තු 15 වන සෙනසුරාදා

අලුත් ඇමැතිලා දූෂණ කළොත් අපි සටනට සූදානම් - සුනිල් හඳුන්නෙත්ති

 2020 අගෝස්තු 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 14

I ගයාන් ගාල්ලගේ

දූෂණ විරෝධී අරගලය තීරණය කළ යුත්තේ අලුත් ආණ්ඩුවේ අලුත් ඇමැතිවරුන් බවත් ඔවුන් දූෂණය ආරම්භ කළහොත් එදින සිට දූෂණ විරෝධී අරගලයට නායකත්වය දීමට තමන් ඇතුළු කණ්ඩායම සූදානම් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

රටේ ජනතාව 2/3ක බලයක් සහිතව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකළත් ශක්තිමත් විපක්ෂයක් මෙවර බිහි කරගෙන නැති බව කී හෙතෙම විපක්ෂයේ භූමිකාව ඇත්තේ රටේ ජනතාවට නිසා ඊට නායකත්වය සැපයීමට තම කණ්ඩායම සූදානම් බවද පැවසීය.

දූෂණ විරෝධී අරගලය මන්ත්‍රී ධූරයකට සීමා නොවන බවත් එය මහ පොළොවේ අරගලයක් බවත් තමන් සැමදා නායකත්වය දෙන්නේ එකී මහ පොළොවේ අරගලයට බවත් හඳුන්නෙත්ති මහතා කීය.