I ගයාන් ගාල්ලගේ
තමන් අමාත්‍ය ධුරයක් බාර නොගත්තා නොව අමාත්‍යවරුන් තෝරා පත්කිරීමේදී තමන් ඊට අයත් නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා දේශයට පැවසීය.
එහෙත් තමන්ට කිසිදු කලකිරීමක් නොමැති බවත් කිසිදිනෙක තමන් තනතුරු ඉල්ලමින් යන පුද්ගලයකු නොවන බවත් හෙතෙම සඳහන් කළේය. ඇමැති ධුරයක් නොලැබීම සම්බන්ධයෙන් ඒ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පවසා සිටියේ තමන් මන්ත්‍රීවරයකු වශයෙන් සිදුකළ යුතු යුතුකම් ජනතාව වෙනුවෙන් සිදුකරන බවයි.