හසිත් අංජන I
පළාත් පාලන ආණ්ඩුකාරවරුන් දෙදෙනකුට ස්ථාන මාරු හිමිවන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
දුෂ්කර පළාත් දෙකක් නියෝජනය කරන මෙම ආණ්ඩුකාරවරුන් දෙදෙනා ඔවුන් දැන් සිටින ස්ථාන දෙක අතර මාරු වීම් සිදුකරන බව සඳහන්ය.
මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති ධූරයට ආචාර්ය සුරේන් රාගවන් පත්කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වේ.
එමෙන්ම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය ලබා දී තිබූ රංජිත් සියඹලාපිටිය මහතා එම ධූරය ප්‍රතික්ෂේප කර ඇති බවද ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.