2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

එජාප නම ගන්න අදහසක් නෑ - සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 55

චමිඳු නිසල් I

එක්සත් ජාතික පක්ෂයේ නම අත්පත් කරගැනීමට කිසිදු අදහසක් නැතැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

එක්සත් ජාතික පක්ෂය අද සිටින තැන ජනතාව ඔප්පුකර හමාර බවත් අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම බවත් මද්දුමබණ්ඩාර කීය. සැබෑ එකසත් ජාතික පක්ෂය තිබෙන්නේ සමගි ජනබලවේගය තුළ යැයි ද ඔහු පැවසීය. සමගි ජනබලවේගය ජනතාව මේ වනවිට පිළිගෙන හමාර නිසා ප්‍රතික්ෂේප වූ කණඩායමක් පිළිබඳ වද විය යුතු නැති බව ද ඔහු වැඩිදුරටත් කීය.

විපක්ෂයේ කාර්යභාරය  සිදුකරමින් ඉතා ඉක්මනින් ආණ්ඩුවක් පිහිටුවන බලවේගය බවට සමගි ජන බලවේගය පත්වන බවද මහ ලේකම්වරයා ප්‍රකාශ කළේය. ඡන්දය ප්‍රතික්ෂේප කළ පිරිසට සහ එක්සත් ජාතික පක්ෂයට ඡන්ද ලබාදුන් සුළු පිරිසට තම පක්ෂ සමඟ එකතු වන ලෙසට ද ඔහු ආරාධනා කර සිටියේය.