2020 අගෝස්තු 08 වන සෙනසුරාදා

ආණ්ඩුවට 2/3 ලැබෙයි

 2020 අගෝස්තු 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39

දේශපාලන වාර්තාකරු I

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රීලනිප හා සෙසු හවුල්කාර පක්ෂ ඇතුළත් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට මන්ත්‍රි ආසන 150ක් හිමිව ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබාගත් මන්ත්‍රි ආසන 145 සමඟ යාපනය දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපයෙන් පත්වූ අංගජන් රාමනාදන් මහතා, ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊ.පී.ඩි.පී.යට හිමිවූ මන්ත්‍රී ධුර දෙක හවුල්කාර පක්ෂ නායකයන් ලෙස වෙනම තරග කළ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරුන් නව රජය සමග කටයුතු කරන නිසා මන්ත්‍රී ආසන 150ක බලය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මගින් ලබාගෙන තිබේ. 

ඒ අනුව නව රජයට මැතිසබයේ 2/3ක බලය හිමිවිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර ස්වාධීන කොමිෂන් සභා අහෝසි කර නව රාජ්‍ය පාලන ව්‍යුහයක් ස්ථාපිත කිරීමට ජනවරමක් ලැබී තිබෙන බැවින් ඒ අනුව ක්‍රියාකරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි.