I හසිත් අංජන
උප්පැන්න සහතිකයෙන් මව සහ පියාගේ අවිවාහක බව හා ජනවර්ගය යන ශීර්ෂ ඉවත් කිරීම සම්බන්ධව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර එය නීතිපතිට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙත යොමු කොට අවසන් තීරණයක් ගන්නා බව රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන්.සී. විතානගේ මහතා දේශයට පැවසීය.
ඒ මහතා පවසන්නේ මව පියාගේ විවාහක/ අවිවාහක බව යන කාරණය හේතුවෙන් බොහෝ දරුවන් මුහුණදෙන සමාජ ගැටලු සලකා බලා එම තීරණය ගත් බවය.
ඉදිරි මහ මැතිවරණයෙන් පසුව මෙම නව ඩිජිටල් උප්පැන්න සහතිකය නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද එන්.සී. විතානගේ මහතා වැඩිදුරටත් කීය.