I හසිත් අංජන
මහමැතිවරණයේ තැපැල් ඡන්ද භාවිත කිරීම අඩුවක් දක්නට ලැබෙන බැවින් අවශ්‍ය වුවහොත් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයක් ලබාදීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ ප්‍රතිශතය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් 26 (අද දිනයේ) පැවැත්වෙන බවයි.
ඉදිරි මහමැතිවරණය පිළිබඳ මැතිවරණ නිරීක්ෂකයන් සමඟ සාකච්ඡාවක්ද ලබන සතියේදී පැවැත්වීමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.