I දේශපාලන වාර්තාකරු
තමන්ට නැවතත් ශ්‍රීලනිප නායකත්වය භාරගැනීමේ කිසිදු අදහසක නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දේශයට පැවසීය.
ඔහු ඒ බව සඳහන් කළේ ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රීලනිප නායකත්වය නැවත මහින්ද රාජපක්ෂ මහතා භාරගනු ඇති බවට සිදුකළ අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙනි.
අමාත්‍ය අමරවීර මහතා කියා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් නිසා එය නැවත මහින්ද රාජපක්ෂ මහතා භාරගනු ඇති බවයි.
තම කණ්ඩායම ශ්‍රීලනිපයෙන් ඉවත් වීමෙන් පසු බොහෝ දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නිර්මාණය කොට තමන් එහි නායකත්වය භාරගත් බව පැවසූ මහින්ද දැන් තමන් එහි නායකයා බැවින් නැවත ශ්‍රීලනිපය භාරගන්නට කිසිදු අවශ්‍යතාවක් නැතැයි අවධාරණය කළේය.