2020 ජුලි 18 වන සෙනසුරාදා

නාකොටික් අංශයේ ලොකු සුද්දයක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 52

I ගයාන් ගාල්ලගේ

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ වැටලීම් අංශවල සිටින පොලිස් නිලධාරීන් සියලු දෙනාටම අදියර කිහිපයක් යටතේ ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් දේශයට පැවසීය.

වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් විසින් ගත් තීන්දුවකට අනුව මෙලෙස එම නිලධාරීන් වෙනත් ස්ථාන වෙත මාරුකර යැවීමට තීරණය කර ඇත. එම මාරුවීම් එළඹෙන සතියේ සිට ක්‍රියාත්මක වන බවත් දැනටමත් ඇතැම් නම් ලැයිස්තු සකසා ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.

 

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:01