හසිත් අංජන l
වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මහ මැතිවරණයේ ඡන්ද අපේක්ෂකයන් ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ලබන සතියේ පැමිණිලි කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශයට කීය.
ඔහු පැවසුවේ මෙතෙක් වත්කම් බැරකම් ලබා නොදුන් අපේකෂකයන් ගැන මැතිවරණ කොමිසමෙන් ලබන සතිය මුලදී තොරතුරු ලබාගන්නා බවයි.
පවත්නා නීතිය අනුව මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට සිය වත්කම් බැරකම් ප්‍රකාශ කිරීම සඳහා මාස 3ක කාලයක් ලබා දී ඇති අතර මේ වන විට එම මාස 3ක කාලය අවසන් වී ඇති බවත් එම කාලය තුළ වත්කම් බැරකම් ලබා දී ඇත්තේ අපේක්ෂකයන් සුළු ප්‍රමාණයක් බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.