
මහබැංකු බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය තවත් මාස තුනකින් පමණ දීර්ඝ කිරීමට සිදුවනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට කෙරෙන දීර්ඝ සාක්ෂි විභාගවලට විශාල කාලයක් මිඩංගුවීමත් ඉදිරියේදී සති කිහිපයක අවුරුදු නිවාඩුව එළැඹීමත් නිසා මේ ආකාරයට කොමිසමේ කටයුතු හමාර කිරීමට අවම වශයෙන් තවත් මාස තුනක් පමණ අවශ්‍ය වෙතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
දැනට නියමිත ආකාරයට කොමිසමේ නිල කාලය ලබන මැයි මාසයෙන් හමාර වෙයි. කාලය දීර්ඝ කළ යුත්තේ එතැන් සිටය.
I අධිකරණ වාර්තාකරු