
හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති යෝජිත කොටස් අලෙවි ගිවිසුමේ සඳහන් කර නොමැති හෙක්ටයාර 786ක ප්‍රමාණය වහාම තක්සේරු කර එහි වටිනාකමද ගිවිසුමට ඇතුළත් කරන ලෙස ජනාධිපතිවරයා මෙම ගිවිසුම සකසන අමාත්‍ය මණ්ඩල උප කමිටුවට දැනුම් දී ඇත.
යෝජිත ගිවිසුමේ දැනට සඳහන් වන්නේ හෙක්ටයාර 500ක් චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පටන්ගන්නා ව්‍යාපෘතියට අයත් බවය. එහෙත් විපක්ෂය සහ වරාය වෘත්තීය සංගම් දිගින් දිගටම චෝදනා කළේ වරායට අයත් එහෙත් ගිවිසුමේ සඳහන් කර නැති මෙකී හෙක්ටයාර 786 නොදන්නා හේතුමත අදාළ සමාගමට පැවරීම විශාල මූල්‍යමය දූෂණයක් බවය.
මේ ගැන කරුණු විමර්ශනය කළ ජනාධිපතිවරයා කඩිනමින් එම ඉඩම් ප්‍රමාණය තක්සේරු කරන ලෙස නියම කළේය. ඊට අමතරව නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව කවර හේතුවක් නිසා හෝ ගිවිසුම අත්සන් නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
l දේශපාලන වාර්තාකරු