
මෙතෙක් පැවැති බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් බැලුන් ක්‍රමවේදයට අමතරව අනෙකුත් මත්ද්‍රව්‍යද භාවිතා කර ඇත්නම් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා විදේශ උපකරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය සැරසෙයි.
මත්පැන්වලට අමතරව කංසා, හෙෙරායින්, කොකේන්, මත්පෙති ආදී මත්ද්‍රව්‍ය භාවිතා කර සිටී නම් එම උපකරණය හරහා සොයාගැනීමට හැකිවන බව පොලීසිය පවසයි.
මෙම උපකරණය ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇති අතර එහෙත් එලෙස ගෙන්වන්නේ කුමන රටකින්ද යන්න අනාවරණය වන්නේ නැත.
l ගයාන් ගාල්ලගේ