හසිත් අංජන l
දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ නිරීක්ෂයන් ලබන සතියේ මැතිවරණ කොමිෂන් සභාවට කැඳවීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එම ප්‍රකාශකයා කියා සිටියේ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ මනාප අංකය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. මැතිවරණ අපේක්ෂකයන් මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.
කොවිඩ් 19 නීතිරීතිවලට අනුව මෙවර මහ මැතිවරණය පැවැත්වෙන අතර මැතිවරණය සඳහා වන ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩිකිරීම පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටින බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.