
හම්බන්තොට වරාය අවුරුදු 99ක බද්දකට චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාළ ගිවිසුම අත්සන් කිරීම සඳහා පිහිටුවන විශේෂ සමාගම මේ සතියේ රජය විසින් ලියාපදිංචි කෙරිණි. නව සමාගම රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරික සමාගමකි.
මුදල් අමාත්‍යංශය මගින් ස්ථාපිත කරන ලද නව සමාගම හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ලිමිටඩ් නමින් හැඳින්වෙයි. හම්බන්තොට වරායේ කොටස්වලින් ආරම්භයේදී 80% චීන සමාගමටද තවත් 20%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියටද හිමිවන ලෙස මේ ආයතනය පිහිටුවා ඇත. මෙම කොටස් අලෙවියෙන් රජයට ඇමරිකානු ඩොලර් කෝටි 110ක් පමණ චීන රජය ලබාදීමට නියමිතය.
නව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව සමාගමේ ආරම්භක අධ්‍යක්ෂවරුන් ලෙස මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජිත් අශෝක යන මහත්වරුන් දැනටමත් පත්කර තිබේ. සෙසු අධ්‍යක්ෂවරුන් ඉදිරියේදී පත්කෙරේ.
I ව්‍යාපාරික වාර්තාකරු