2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

කොළඹ කාණු අලුත්වැඩියාවට යුරෝපා ආධාර

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70


කොළඹ නගරයේ අපජලාපවහන පද්ධතිය අලුත්වැඩියා කිරීම සඳහා යුරෝපීය ආයෝජන බැංකුව මූල්‍ය ආධාරයක් සැපයීමට පොරොන්දු වී ඇත. එහි නියෝජිතයන් කණ්ඩායමක් මෙරට සංචාරයක නිරත වී අලුත්වැඩියා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුව සකස්කරමින් සිටිති. 

වැඩි වන ජනගහනයට සාපේක්ෂව යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලියේදී අප ජලාපවහන පද්ධතිය පිළිබඳව අවධානය යොමු නොවීම හේතුකොට පසුගිය කාල පරිච්ඡේදය පුරා විශාල ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුවිය. මේ දක්වා කිසි දිනෙක මෙම අප ජලාපවහන පද්ධතියේ අලුත්වැඩියාවක් සිදු වී නොමැත. මේ පිළිබඳව අවධානය යොමුකළ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ උපදේශකත්වය යටතේ එය නවීකරණය කිරීමට තීරණය වී ඇත.

යුරෝපා ආයෝජන බැංකුව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සභාපති අන්ඩ_ මැක්ඩුවෙල්, උපදේශක ඇන්ඩ_ රොසෙර් නියෝජ්‍ය අධ්‍යක්ෂ මරියා බරාගන්, ආසියා ශාන්තිකර කලාපීය අංශ ප්‍රධානී ඇන්ජලා මාර්කෝනි ඇතුළු මහත්ම මහත්මිහු අපජලාපවහන පද්ධතිය අලුත්වැඩියා ව්‍යාපෘති නිරීක්ෂණ සංචාරයේ යෙදී සිටිති.

l සකීෆ් සාම් තන්වීරි