2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

පළාත් සභා පුංචි ඡන්ද දෙකම එකට?

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 45


පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මැතිවරණ දෙකම එකවර පැවැත්විය යුතු යැයි මේ සතියේ රජයට යෝජනාවක් ඉදිරිපත්ව ඇත. ජනාධිපතිවරයා වෙත මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එ.ජා.ප.ය විසින් යැයිද දේශපාලන ආරංචි මාර්ග කියයි. විපක්ෂනායක ආර්. සම්පන්දන් මහතාද මේ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.

පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂනායක සම්පන්දන් මහතා සහ දෙමළ සන්ධාන මන්ත්‍රී සුමන්තිරන් යන මහත්වරු මේ ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් මේ වසරට නියමිත පළාත් සභා ඡන්දත් දැනට කල්දමා තිබෙන පළාත් පාලන ඡන්දත් මෙම දෙසැම්බර් 31දාට පෙර පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේ හමුවූ ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට ප්‍රකාශ කර තිබේ. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත්තේ මැයි මස 10දාට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයත් ශ්‍රී.ල.නි.ප. ප්‍රතිපත්ති නොපිළිගන්නා සියලු ආසන සංවිධායකයන් ඉවත්කර නව සංවිධායකයන් පත් කිරීමත් සිදුකරන බවය.

l දේශපාලන වාර්තාකරු