I හසිත් අංජන
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වන මන්ත්‍රීවරු 225 දෙනාගෙන් යමෙක් වංචා, දූෂණ ක්‍රියා සිදුකළහොත් ඔවුන්ගේ වංචා, දූෂණ ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා වෙබ් අඩවියක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක දේශයට පැවසීය.
පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරී පත්වීමෙන් මාස 6ක කාලය තුළ ඔවුන් පිළිබඳ තොරතුරු අධ්‍යයනය කරමින් මෙහි මූලික පියවර අරඹන බවයි ගජනායක මහතා සඳහන් කළේ.
මෙලෙස ආරම්භ කිරීමට නියමිත වෙබ් අඩවිය මගින් මන්ත්‍රීවරුන් ගැන ප්‍රකාශ කෙරෙන කරුණු පිළිබඳ මන්ත්‍රීවරුන්ටද අදහස් දැක්වීමට අවස්ථාවක් ලබා දෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.