I හසිත් අංජන
එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණ දිනයේදී සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම සෞඛ්‍ය නිලධාරියකු පත්කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ සෞඛ්‍යාරක්ෂිතව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීම වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වෙනත් මැතිවරණවල අනුගමනය නොකළ ක්‍රියා මාර්ග රැසක් ක්‍රියාත්මක කරන බවත් කොවිඩ් 19 නීතිරීතිවලට අදාළව මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.