I ගයාන් ගාල්ලගේ
සමගි ජන බලවේගයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 11 වැනිදා ජනගත කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා දේශයට පැවසීය.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය කෝවිඩ්වලින් පසුව රට ගොඩනගන ක්‍රමවේදය ඇතුළත්ව සකසන බව ඒ මහතා කීය.
මේ වනවිට ඊට අවශ්‍ය කරුණු සහ උපදෙස් විද්වත් කමිටුවක් විසින් ලබාගනිමින් සකස් කරන බවත් එය ජනාධිපතිවරණය සමයේදී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව සිදුකරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.