I ආරක්ෂක වාර්තාකරු
මෙවර මහමැතිවරණය පැවැත්වෙන අගෝස්තු 05 වැනි දින ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සෙබළුන් 5000ක් යෙදවීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ.
මෑත ඉතිහාසයේ පළමුවරට ඡන්දය පැවැත්වෙන දිනයේ ඡන්ද ගණන් කිරීමක් මෙවර සිදු නොකෙරෙන අතර එය ඊට පසුදින (06) උදෑසන සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව අගෝස්තු 05 වැනිදා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව ඡන්ද පෙට්ටි කච්චේරි වෙත රැගෙන ගොස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව මැද තැබීමට තීරණය කර තිබේ. ඉන් අනතුරැව ඊට පසුදින ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානද විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ පවත්වාගෙන යන ලෙස පොලිස්පතිවරයා විසින් නියෝග කර ඇත.
මහමැතිවරණයට ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට තීරණය කර නොමැති බවත් පශ්චාත් මැතිවරණ සමයේදී මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවුවහොත් පමණක් යුද හමුදාව යොදවන බවත් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.